යාපන එළවළු මිල තව පහළ යයි.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට යාපනය දිස්ත්‍රික්කයෙන් එළවළු ලැබීමත් සමග විශාල වශයෙන් මිල පහත වැටිමකට ලක්ව ඇත . යාපනයේ එළවළු ලැබෙන ආකාරය සමග දඹුල්ලේ එළවළු මිල තවත් අඩු වනු ඇතැයි වෙළෙන්දෝ පවසති.
අද (31 ) දින වනවිට යාපනයෙන් ගෝවා , මිරිස් , බිට් , වම්බටු , කැරට් , මැකරල් , අර්තාපල් අල , ලුනු මල් , කරවිල , එළබටු , අලු කෙසෙල් ආදී එළවළු වර්ග රැසක් ලැබී ඇති බව කළමනාකාර ක්‍රිස්ටි විජේරත්න මහතා පවසා ඇත .
සති තුනකට පෙර 280කට අලෙවි වූ කැරට් 160 දක්වාද , රුපියල් 1300 කට පැවැති අමුමිරිස් කිලෝව 240ක් දක්වා ද 140 තිබු වම්බටු 70 දක්වාද , අඩුවී ඇත .

Check Also

චන්ද්‍රිකා – මෛත්‍රී වෙන්වෙයි?

මෛත්‍රීපාල සිරිසේන ජනපති හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපති අතර ඊයේ කොළඹ දී විශේෂ සාකච්ඡාවක් ...

සුසිල්ගේ ගේම මහින්ද හෙළිකරයි

මෛත්‍රීට ඇටෑක් කරන එක වහාම නවත්තන්න. මම මිනිහව හැන්ඩ්ල් කරන්නම්. මේ කරපු වැඩේ සම්පූර්ණ ගෞරවය ...