යුරෝපා ලක් රූ රැජින කිරුළ මෙලනිට

ප්‍රංශ ලංකා සුභසාධක සංගමය මගින් පළමු වරට සංවිධානය කරනු ලැබූ Miss Srilanka in Europe හි රූ රැජින කිරුළ හිමි කර ගැනීමට මෙලනි හේවාවසම් සමත්විය.

පසුගිය වසරේ පැරිසියේ මීගමු සංවිධානය සංවිධානය කරනු ලැබූ Miss Srilanka in France රූ රැජින කිරුළ හිමි කරගත්තේද ඇයයි.

ප්‍රංශය , ජර්මනිය , එංගලන්තය , ඉතාලිය නොර්වේ , ස්විස්ටර්ලන්තය , ඇතුළු යුරෝපා රටවල් අටකින් තරගකාරියන් 21 ක් දෙනෙකු මිට එක්විය.

පැරිසියේ පැවති මෙම Miss Srilanka in Europe හි ප්‍රධාන ආරාධිතයන් ලෙස ලක් රූ රැජින , රංගන ශිල්පී සුරාජ් මාපා , එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී රංගන ශිල්පිනි උපේක්ෂා

ස්වර්ණමාලි ,ගායන ශිල්පී දුමාල් වර්ණකුලසූරිය ඇතුළු පිරිසක් සහභාගි විය.

ප්‍රංශයේ මෙන්ම යුරෝපයේත් ලක් රූ රැජින වූ විසි දෙහැවිරිදි මෙලනි හේවාවසම් වියාපාර කළමනාකරණය හදාරන සිසුවියකි. ප්‍රංශයේ උපන් ඇය නර්තනයට මෙන්ම ඉංග්‍රීසි සහ ප්‍රංශ භාෂා චතුර ලෙස හැසිරවීමට සමත්ය.

unnamed unnamed3 unnamed4 unnamed5 unnamed6 unnamed7 unnamed8 unnamed9 unnamed10 unnamed11 unnamed12

සේයාරූ;  පුර්නිමා අතුකෝරල

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...