සුමනා ගෝමස්ගේ අඩුව පුරවන්න මම ආවේ නෑ – ගයේෂා

70-80 දශකයේ වැඩිහිටියන්ට පමණක් සීමා වූ චිත්‍රපටවල ජනප්‍රිය නිලියක් වූ සුමනා ගෝමස්ගේ හිස් තැන පිරිවීම සඳහා තමා සූදානම් නොමැති බව ගයේෂා පෙරේරා විසින් පුවත්පතකට පවසා තිබේ.

“ඉගිල්ලෙන මාළුවෝ” චිත්‍රපටයේ නිරුවත් රංගනයක යෙදෙමින් ආන්දෝලනාත්මක චරිතයක් රඟපෑ ගයේෂා තවදුරටත් එවන් රංගනයක නිරත නොවීමට තීරනයකොට ඇත.

එමෙන්ම ඇය ජනතාවට සේවයක් නොකළ හෙයින් ජන්දයෙන් පරාජයට ලක්වූ බවද පවසා තිබුණි.

ගයේෂා පලකල අදහස් බලන්න පහතින්

අපේ සිනමාවේ සුමනා ගෝමස්, චන්දි රසිකා වැනි අයගේ අඩුවද ගයේෂා පුරවන්න හදන්නේ?
අපෝ………………………..නැහැ…ඔවුන් රඟපෑවේ වාණිජ චිත්‍රපටවල…ඔවුන් දැන් ලංකාවෙත් නැහැ…ඒ ය ජීවත් වෙච්ච වටපිටාවක් තියෙනවා…නමුත් මං ඒ අයට දොස් කියන්නේ නැහැ…වාණිජ චිත්‍රපට හෝ සම්භාව්‍ය චිත්‍රපට මේ ඕනා එකක් ඇතුලේ රඟපෑමේ නිදහස තියෙනවා…

ඉතින් එකට කව්රුවත් දෝශාරෝපනය කරලා වැඩක් නැහැ..ඔවුන් ඔවුන්ට ලැබුණ චරිත රඟපෑවා..මම මට ලැබුන චරිත රඟපෑවා…නැතුව අඩුතැන් පුරුවන්න ගයේෂා පෙරේරා ආවේ නැහැ…

නාම යෝජනා නොලැබීම ගැන මොකද හිතෙන්නේ?
නාම යෝජනා නොලැබීම ගැන මම අද සතුටු වෙනවා..මොකද නාම යෝජනා ලැබුණු අපේ තරු කිහිපයක්ම පරාද උනා..

ඒක හොඳ පූර්ව ආදර්ශයක් අපි හැමෝටම…තරු උනත් ජනතාවට සේවයක් කරලා නැත්නම් පරාජය විය යුතුයි..

ඉදිරි වැඩකටයුතු මොනවාද?
චිත්‍රපට දෙකක වැඩ ලබන මාසේ පටන් ගන්නවා..ඉක්මනින් දරු සුරතල් බලන්න අපි දෙන්නගේ ආසාවක් තියෙනවා..

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...